Wednesday, November 30, 2016

Melpitiya Maha Vidyalaya

පඤ්ඤා නරානං රතනං

80 Years Of Excellence 

CP/Na/Melpitiya Maha Viyalaya
Melpitiya
Matale.
පාසල් ගීතය
 රන්බිමයි මේ පින්බිමයි
ලකඹර දිදුලන සිප්බිමයි ..... //
සැරදේවා සැරදේවා
විදුහල් මවිනි සදා..... //

රන්ගිරි සීගිරි කුළෙන් කුළට වැද මදනල තුල සැගවී
සක්විති කුළයෙන් පැළදූ නාමේ අතීත උරුමය වී
එවන් බිමක් මැද රිදී සදක් සේ ලක් පොළොවෙන් මතු වී
නෙළුම් විළක් මැද රුවන් මලකි ඔබ මේල්පිටිය මව්නී..... //

සැරදේවා සැරදේවා
විදුහල් මවිනි සදා..... //

සිප්කිරි පොවනා සිප් නැණ වඩනා නිති අප බබලවනා
සරසවි වරමින් ලොව ජයගන්නට නිසි මග යොමු කරනා
රටට දැයට යුතුකම ඉටුකරනට දිරිය සවිය ගෙනෙනා
දෑ කුල ගොත් නොතකා යමු පෙරටම ජය මංපෙත් මැදිනා

සැරදේවා සැරදේවා
විදුහල් මවිනි සදා..... //


මෙහෙවර
අපේ ප්‍රයත්නය ගුණ නැණ බෙලෙන් යුතු මැදරට විශිෂ්ටයෙකු දැයට දායාද කිරීමය. ඒ සදහා කාලය, ශ්‍රමය, භෞතික යෙදවුම් නිසි කළමනාකරණයකින් යුතුව හසුරවමින් හැකි උපරිම පරිශ්‍රමය දැරීමට කැපවෙමු...

දැක්ම
20යි 25දී මැදරට හොදම පාසලයි