පාසලේ ඉතිහාසයෙන් බිඳක්.....
ශ්‍රී ලංකාද්වීපයේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල අධ්‍යාපන කලාපයට අයත් මේල්පිටිය නම් වූ සුන්දර ගම්මානයේ පිහිටි මේල්පිටිය මහ විදූහල නම් වූ තක්සලාවට මූලික අඩිතාලම ලබාදූන්නේ කලුන්දෑව තෙරනම ය.
1937-03-17 දින ඇරඹි මේල්පිටිය මහා විද්‍යාලයේ ආරම්භක විදූහල්පති වන්නේ ආර්. බී සමරකෝන් මුල්ගරුතුමා ය.එතුමාගේ සිට එදා මෙදාතුර ගුරුවරුන් මෙන්ම විදූහල්පතිවරුන් ගණනාවකගේ යහපත් නායකත්වයෙන් පෙරට ආ මෙම විදූහල 1980-07-28 දින මහා විද්‍යාලයක් බවට පත්විය. විද්‍යාලයේ ශිල්ප හදාරණ
ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම කුසලතා සංවර්ධනය කරමින් ආකල්පමය පරිවර්තනයකට උත්සහ දරණ මෙම පාසල දිනෙන් දින සංවර්ධනයේ අඩිතාලම සකස් කරමින් සිටී.